අධ්‍යාපනයක්.. මිනිසෙක්ට ආභරණයක්..
ඒත් මේ කියන්න යන්නේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගන ගන්න අකුරුවලට නිසි වටිනාකමක් නොලද සිද්ධියක් පිළිබඳ කතාවක්..
විශ්ව විද්‍යාල ජීවිතේ අවුරුදු ගණනාවක් අවසන් වුණාට පස්සේ අවසානයේ ලැබෙන්නේ මේ වගේ රැකියාවක් නම්, ඔබටත් අනිවාර්යයෙන්ම මේ ගැන කියන්න දෙයක් ඇති..
බහුතරයක් උපාධිධාරීන් පාසල්වල වැසිකිළි සේදීම, වතු සුද්ද කිරීම වැනි රාජකාරිවල යෙදී සිටින බව අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් තිලකරත්න පවසනවා..
මීට හේතුව ලෙස ඔවුන් දක්වන්නේ රැකියාව කරමින් සිටියදී උපාධිය ලබාගත් ඌන සේවා උපාධිධාරීන් තනතුරුවල පිහිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය මේ දක්වා වැඩපිළිවෙළක් සකස් කර නොමැති වීමයි..
දැනට ශ්‍රී ලංකාව පුරා එවැනි උපාධිධාරීන් 450කට වැඩි පිරිසක් සිටින බව පැවැසූ ප්‍රධාන ලේකම්වරයා සනීපාරක්ෂක කම්කරු, පුස්තකාල සහයක, මුරකරු, රසායනාගාර සහායක, ලේඛන සහකාර වැනි තනතුරුවල රාජකාරි කරන බවට වාර්තා වෙනවා..
නමුත් මොවුන්ට සරිලන රැකියා ලබාදීමේ යාන්ත්‍රණය සැකසීමට මේ වනවිටත් වෙහෙස වෙන බවටයි වාර්තා වෙන්නේ..