කතාව අද වෙනකොට බොහෝ දෙනෙකුගේ නෙතට කඳුලක් ගෙනදුන් කාරණයක්..
අසම්මත ඇසුරක් නිසා අකාලයේ මිලින වී ගිය මල් කැකුළක් වෙනුවෙන් තල්ගහවත්ත ගමේ බොහෝ දෙනකු තවමත් පසුවන්නේ, ඇඩූ කඳුළෙන්…
ඇය කාටවත් වරදක් කළ තැනැත්තියක් නෙවෙයි.. ඒ නිසාම ඇගේ මේ සමුගැනීම ඔවුන්ට පුදුමකයක්.. හංසිකා මදුශානි සිත්පිත් නැති කුරීරු ඝාතකයකු විසින් ඇයගේ ගෙල කපා ඉතා අමානුෂික ලෙස මරා දමා තිබීම ඊට හේතුවයි..
ඇල්පිටිය ප්‍රදේශයේ තේ වත්තක තිබියදී ඇගේ මළ සිරුර හමුවූ අතර ඝාතනයට ලක් වන විට ඇය දාහත්වියේ අතර ඇගේ ඝාතනයෙන් මුළු තල්ගහවත්තම මේ වන විටත් සිටින්නේ දැඩි ව්‍යාකූල තත්ත්වයකිනි… ඒ හංසිකාගේ ඝාතකයා තවමත් පොලිස් අත්අඩංගුවට පත්ව නොමැති නිසායි…
වන්නි ආරච්චි කංකානම්ගේ හංසිකා නදීෂානි දරුවන් හතර දෙනකුගෙන් යුත් පවුලේ බාලයායි… පාසල් ශිෂ්‍යාවක වූ ඇගේ අධ්‍යාපනය අතරමඟ කැඩී ගිය අතර ඇයට සාමාන්‍ය පෙළ විභාගයටවත් පෙනී සිටීමට තරම් ශක්තියක් නොතිබුණා.. ඒ ඇය පවත්වාගෙන ගිය අසම්මත ඇසුරයි…
සොහොයුරියගේ සැමියා සමඟ වීම නිසාය. මේ නිසා තල්ගහවත්ත ගමේ බොහෝ දෙනකු ඇය දෙස බැලුවේ වපර ඇහැකිය. ඒ නිසා ඇයට පමණක් නොව ඇගේ මවුපියන්ටද ගමේ ඇතැම් පිරිස් අවලාද නැඟුහ.
හංසිකා මේ තත්ත්වයට පත් වන්නේ මීට මාස කිහිපයකට පෙරදීයි… හොඳින් අධ්‍යාපනය හදාරමින් සාමාන්‍ය පෙළ විභාගයට සූදානම්ව සිටි හංසිකා සිය වැඩිමහල් සොහොයුරියගේ නිවෙසට ගොස් ඇත්තේ ඇගේ දරුවන් බලාකියා ගැනීම සඳහා වුණත්, ඇය අසම්මත ප්‍රේමයකට මුල පරන්නේ එතැනදී බවයි වාර්තා වෙන්නේ..
ඇහැට කනට පෙනෙන රූමතියක් වූ ළාබාල හංසිකාව සිය ග්‍රහණයට යොමු කරගන්නට සුදේශ් පෙරුම් පුරන්නේ ඉන් පසුවයි.. කල් යද්දී සිය බයටද හොරෙන් ඇගේ නැගණිය සමඟ ඔහු ප්‍රේම සබඳතාවක් ඇති කරගන්නේ ඇයට අවශ්‍ය මිල මුදල්ද ඇදුම් පැලඳුමේද බිරියට හොරෙන් ලබා දෙමින්…
පසුකාලීනව හංසිකොට මස්සිනාගෙන් බේරුමක් නොවීය.. ඇයට ද කරකියාගත හැකි දෙයක් නොවීය.. තම සොහොයුරිය කවදා හෝ මේ සම්බන්ධය දැනගන්නට ඇති බව කියමින් හංසිකා යළි සිය නිවෙසට යන්නට සූදානම් වුවද සුදේශ්ගෙන් ඊට ඉඩක් ලැබුණේ නැහැ…
එහි ප්‍රතිඵලයක් ලෙස සුදේශ් සිය බිරියගේ බාල සොහොයුරිය සමඟ පවුල් කෑමට තරම් පහත් ත්ත්වයකට වැටී තිබුණා… ඔහු අයද රැගෙන සිය නිවෙසින් පලා ගියා… පසුව මාස හතරක කාලයක් විවිධ ප්‍රදේශවල ඇය සමඟ ජීවත් වුණා..
මේ වන විට හංසිකාගේ මවුපියන් සිටියේ සිකාව සොයාගත නොහැකිවය.. සුදේශන් ධරයන් හංසිගේ මවුපිය ඥාතීහුත් තංසිකා සොයන්න ගත් උත්සාහය අසාර්ථක එකක් වුණා.. මේ ගැන පොලීසියට පැමිණිලි කළත් ඒ සියල්ල අසාර්ථක වෙන්නේ අන්න ඒ අයුරුන්.. කොහොම වුණත් අනියම් පෙමක් නිසා ඇය දැන් නිසල වී හමාරයි.. කියන්නට කතා ගොඩක් තිබුණත් පවුලක සතුට සැනසීම, හංසිකාගේ මේ මරණයත් එක්ක වැලලී ගිහින්..