කැනඩාවේ ඔටාවාහී දී ඝාතනයට ලක්වූ ලාංකිකයින් හය දෙනාගේ අවසන් කටයුතු ඔටාවා හී හිල්ඩා ජයවර්ධනාරාම බෞද්ධ මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගනිමින් සිදුකිරීමට බලාපොරොත්තු වන බව කැනඩා බෞද්ධ කොංග්‍රසය පවසනවා.
කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය පවසන්නේ මියගිය අයගේ පවුලේ ඥාතීන් අවසන් කටයුතු සඳහා සහභාගී කරවා ගැනීමට පියවර ගනිමින් සිටින බවයි.
කැනඩාවේ ඔටාවාහී බාහෙවන් ප්‍රදේශයේ පදිංචිව සිටි ශ්‍රී ලාංකික පවුලක මව දරුවන් සිව් දෙනෙකු ඇතුළු 06 දෙනෙකු ඝාතනය කිරීමේ ඛේදජනක පුවත වාර්තාවුණේ පසුගිය 06 වැනිදා රාත්රිෙයේදීයී.
සිද්ධියෙන් තුවාල ලැබූ පවුලේ පියා වන ධනුෂ්ක වික්‍රමසිංහ බරපතල තුවාල ලබා රෝහල්ගත කෙරුණු අතර ඔහු මේවනවිට තරමක් සුවය ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සනාථ කරනවා.
ඝාතනය සම්බන්ධයෙන් ෆෙබ්‍රියෝ ද සොයිසා නමැති 19 හැවිරිදි සිසුවෙක් අත්අඩංගුවට ගැණුනු අතර ඔහු මේ වනවිට බන්ධනාගාරගත කර තිබෙනවා.
සැකකරු ලබන 14 වැනිදා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඔහුගේ මව්පියන් සහ ශ්‍රී ලංකාවේ ඥාතීන් සම්බන්ධ කර ගැනීම සඳහා කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සහ විදේශ කටයුතු අමාත්‍යාංශය මේවනවිට කටයුතු කරමින් සිටිනවා.
මේ අතර උසස් අධ්‍යාපනය සඳහා කැනඩාවට ගොස් සිටින ශ්‍රී ලාංකික දරුවන් එරට පිහිටි ආගමික මධ්‍යස්ථාන හෝ ශ්‍රී ලාංකික සංසද සමඟ සම්බන්ධ කරවීමට මෙරට සිටින ඔවුන්ගේ මව්පියන් ඇතුළු ඥාතීන් කටයුතු කළ යුතු බව ඔටාවා හී හිල්ඩා ජයවර්ධනාරාම බෞද්ධ මධ්‍යස්ථානයේ පූජ්‍ය නුගේගලයායේ ජිනානන්ද හිමි ඉල්ලීමක් කරනවා.