අනුරාධපුර – රඹෑව ප්රධාන මාර්ගයේ 13 සහ 14 කණුව අතරදී බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.
පාරේ ගමන් කරමින් සිටි පිරිසක් කැබ් රථයක ගැටීම නිසා මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.
එම අනතුරින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ සංගීත ප්රසංගයක් නරඹා ආපසු යමින් සිටි පිරිසක්.
තවත් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගතකර තිබෙනවා.
අනතුර සිදුකර කැබ් රථය පළාගොස් ඇති අතර අනුරාධපුර පොලිසිය වැඩිදුර පරික්ෂණ ක්රියාත්මකයි.