මඩකලපුව තිරුක්කෝවිල් සිට වව්නියාව බලා ධාවනය වූ බස් රියක ගමන්ගත් මගියෙකුට සිය අසුන ළඟ සිටි පුද්ගලයකු බිස්කට් එකක් කෑමට දී සිහි නැතිකර ඔහු ළඟ තිබූ රුපියල් ලක්ෂ හයක මුදලක් රැගෙන ගොස් ඇතැයි මඩකලපුව පොලිසිය පවසනවා.
මෙම මුදල අහිමිවූ මගියා පවසා ඇත්තේ තමා ළඟ වාඩිවී සිටි පුද්ගලයා තමා සමග මිත්ර වී කතාබස් කරමින් සිටිය දී ඔහු කෑමට බිස්කට් ලබාදුන් බවයි.
ඉන්පසු තමාට සිදුවූ දේ තමා නොදන්නා බවද පසුව සිහිය ලැබී බලනවිට මුදල් බෑගය අතුරුදන්වී තිබූ බව ද ඔහු පවසා තිබේ.
බස් රියක දී හෝ දුම්රිය තුළ දී හදිසියේ හඳුනාගත් මෙවැනි පුද්ගලයන් ලබාදෙන කෑම බීම වර්ග ගැනීමෙන් වළකින ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.