මෙලොව අපූර්වතම, සුන්දරතම නිමැවුම් අතර ඉහළින්ම සිටින්නියයි…
ලෝකයට ජීවය දෙන්නිය, ලෝකය හැඩ කරන්නිය, ලෝකය සුන්දර කරන්නිය වන්නේ කාන්තාවයි..
දියණියක,මිතුරියක, සහෝදරියක, බිරිඳක, මවක ලෙස ඇය මිල කළ නොහැකි භූමිකා ගණනාවක් මේ කෙටි ජීවිත කාලය තුළ රඟ දක්වනවා.. ඒ එකිනෙකට වෙනස් චරිත සමාජයට ලබා දෙන්නේ, මිල කළ නොහැකිය සේවයක්.. මෙවැනි සුවහසක් කාන්තාවන් වෙනුවෙන් පිදෙන උපහාරයක් ලෙස ඔවුන්ටම දිනයක් වෙන්වෙනවා..
මාර්තු 8 ජාත්‍යන්තර කාන්තා දිනය ලෙස සැලකෙන්නේ ඒ කෘතවේදීත්වයට ලබාදෙන උපහාරයක් ලෙසයි.. “ආර්ථික සවිබල ගැන්වීම හරහා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව වේගවත් කිරීම..” 2024 , මෙම වර්ශයේ කාන්තා දිනයේ තේමාවයි.. විවිධ , තේමා යටතේ සැමරන මෙම කාන්තා දිනය, ඇත්තෙන්ම එදා දවසටම විතරක් සීමා කළ යුතුද../ සමාජය කාන්තාවක් දෙස බලන කෝණය එකිනෙකට වෙනස්.. ඒ හැම තැනකදීම ඇයට ලැබෙන්න ඕන ගරුත්වය , රැකවරණය හා විශ්වාසය නොඅඩුව තියනවාද? සෑම මොහොතකම කාන්තාවකට ඇය ජීවත්වන පරිසරය ආරන්ෂිත බව හැඟෙනවා නම්.. ..!
කාන්තාව යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දරා ගැනීමේ සංකේතයක්. ගැහැණු දරුවෙකු ලෙස මෙලොව එළිය දුටු දිනයේ සිටම කාන්තාවන් විසින් විඳ දරා ගන්නා දෑ ඔබට අමුතුවෙන් කියන්නට අවශ්‍ය නෑ. එම කාන්තාවට සමාජයේ හිමි විය යුතු ගෞරවය එලෙසම ලබා දෙන බහුතරයක් දෙනා අතරේ එසේ නොකරන සුළුතරයක් අප අතරේ නැතුවාම නොවේ. විශේෂයෙන් මෙහිදී ඔබ ගෞරවය යන්න, වරදවා නිර්වචනය කර නොගත යුතුයි… කාන්තාවට හිමි විය යුතු ගෞරවය යනු දුටු තැන අචාර කිරීමක්, අසුනෙන් නැගිටීමක් හෝ හිස නැමීමක් නොවන බව ඔබ හොඳින්ම තේරුම් ගත යුත්තක්.. සමාජයේ පුරුෂ පාර්ශවයට හිමි සම ස්ථානය හා අයිතිවාසිකම් කාන්තාවටද ලබා දීම ඇයට හිමි විය යුතු ගෞරවයයි…
අපි කාගේත් ජීවිතය උස් පහත් බිම් පසු කරන, හැළ හැප්පීම් වලින් පිරි එකක් බව සැබෑවක්. නමුත් ගැහැණු දරුවෙකු මේ සමාජයේ ජිවත් වීමේදී පුරුෂ පාර්ශවයට සාපේක්ෂව අනේක දුක් ගැහැට ප්‍රමාණයකට මුහුණ දෙන බව නොරහසක්… ඒ සියල්ලක්ම අභිබවා යමින් කාන්තාව සිය අරමුණු වලට ළඟා වන අයුරු අපුර්වත්වය ජනිත කරවනවා..
වත්මන් සමාජයේ කාන්තාව අධ්‍යාපනය සිය වටිනාම ආභරණය බවට පත් කරගෙන හමාරයි. කාන්තාව ඉපදී ඇත්තේ කුස්සි අම්මා කෙනෙක් වීමටයි යන්නෙන් හංවඩු ගැසූ සමාජයෙන් මිදී ඇයටද නිසි අධ්‍යාපනයක් ලැබීමට දැන් පුළුවන් වෙලා.. කාන්තාවක් ස්ත්‍රීත්වය හමුවේ ජීව විද්‍යාත්මකව මුහුණ දෙන අභියෝග සියල්ලක්ම විඳ දරා ගනිමින් ඒවා ජය ගන්නවා.. සමාජයෙන් ඇයට එල්ල වන පීඩනය සිය ශක්තිය කරගනිමින් ස්වාධීනව නැඟී සිටීම වෙනුවෙන් කාන්තාව සිදු කරන්නා වූ අරගලය පුදුමාකාරයි.. .ශක්තිමත් අධ්‍යාපනික පදනමක් සහිත කාන්තාව ඕනෑම අභියෝගයක් හමුවේ නොසැලී ඉන්නවා..
ඉගෙනීමේ අභාරණය පැළදී සැනින් කාන්තාවකගේ ජිවිතයේ අභියෝග, දුක් ගැහැට නිමා වී ජීවිතය සුසිනිඳු මල් යහනාවක් වන්නේ නැහැ… හොඳ රැකියාවක නිරත වීම ඕනෑම ගැහැණු දරුවෙකුගේ සිහිනයක්… රැකියා සිහිනය සැබෑ කරගත් කාන්තාවකගේ ජීවිතය පෙර පැවැතියාටත් වැඩියෙන් අභියෝගාත්මකයි…ඒ විවාහය, සැමියා, දරු මල්ලන්, දෙමාපියන් යන ජිවිත ඉනිම ඇයට ක්‍රීඩා කිරීමට සිදු වන නිසායි.. .. ඇය ඕනෑම තත්වයකට සුමටව මුහුණ දීමට හැකියාව ඇති තැනැත්තියක්.. දහසක් රාජකාරී, අභියෝග මැද්දේ ඇය සිය පවුල් ජීවිතය සාර්ථව ඉදිරියට ගෙන යන්නේ ඉතා විමසිලිමත්වයි… විටෙක ඇය දියණියක්. බිරිඳක්. මවක්. තවත් විටෙක ඇය කළමනාකාරිනියක්. ඇයට පණ පෙවිය නොහැකි චරිතයක් මිහිපිට නොමැති තරම්ය. එවැනි ස්ත්‍රියකට සමාජයෙන් ගෞරවය හා පුරුෂ සම අයිතිවාසිකම් ලැබීම කැප නොවේද? ලොවක් සනහස ඇය දවසකට සීමා කල හැකිද? කුමට ඇයට දිනයක්..ධරණිය සේ දරා ගන්නා ඇය සැබව්න්ම සසරක්..