එන්ජින් ධාරිතාව 450 සීසී කාණ්ඩයට වැඩි යතුරු පැදි ලියාපදිංචියට අවසර දීම සඳහා රජයේ අවධානය යොමුව තිබෙන බව වාර්තා වනවා.
එන්ජින් ධාරිතාව 450 සිසී කාණ්ඩයට වැඩි යතුරු පැදි ලියාපදිංචියට අවසර ලබා දෙන ලෙස යෝජනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන විසින් ඊයේ පාර්ලිමේන්තුවට කල් තැබීමේ යෝජනාවක් ගෙන රැගෙන එනු ලැබුවා.
එන්ජින් ධාරිතාව 450 සීසී කාණ්ඩයට වැඩි යතුරු පැදි ලියාපදිංචිය සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යංශය සහ මහජන ආරක්ෂක අමාත්‍යංශය එක්ව ඉදිරියේදී කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිත බවයි ඊට ප්‍රතිචාර දක්වමින් සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත කියා සිටියේ.