කියන්න යන්නේ උදෑසනින්ම සිදු වූ අපූරු කතාවක් ගැනයි..
මහ රෑ මේ වගේ ලොකු මාරු වීමක් සිද්ධ වෙනවා කියන්නේ ඇත්තටම හිතා ගන්න අමාරු දෙයක්..
අරලියගහ මන්දිරයට තාප්පයෙන් පැන ඊයේ රාත්රියේ අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය පවසනවා…
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෘදුකාංග ඉංජිනේරුවරයෙකු සහ වෙළඳ නාවිකයෙකු ලෙස රැකියාව කරන පුද්ගලයින් දෙදෙනෙකු බවයි පොලිසිය සඳහන් කළේ..
පොලිසිය සඳහන් කළ පරිදි අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කොල්ලුපිටිය ප්රදේශයේ රාත්රී සමාජ ශාලාවක් වෙත ගොස් මත්පැන් පානය කර තිබෙනවා..
අනතුරුව ඔවුන් නවාතැන් ගෙන සිටින මුහන්දිරම් මාවතේ ලැගුම්හල වෙත ගූගල් සිතියම (Google Map) භාවිත කරමින් පැමිණෙමින් සිටියදී අරලියගහ මන්දිරයේ තාප්පය අසලින් මාර්ගය අවසන් වී ඇති අතර, සැකකරුවන් දෙදෙනා තාප්පය මතින් අරලියගහ මන්දිර භූමියට පැන ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා..
එම අවස්ථාවේදී අග්රාමාත්ය ආරක්ෂක කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඔවුන් දෙදෙනා රඳවාගෙන කොල්ලුපිටිය පොලිසියේ ජංගම සංචාරක නිලධාරීන්ට භාරදීමට කටයුතු කර තිබූ බවයි පොලිසිය සඳහන් කළේ..