ගොඩක් වෙලාවට ඔබත් ආතතියෙන් පෙළෙන පුද්ගලයෙක් වෙන්න පුළුවන්..
ඒ නිසා හැම වෙලාවකම කම්පනයෙන් ඉන්න ඔයාට මේ වගේ දේවල් නිසා ආතතිය , විශාදය ඇතිවෙන එක සාමාන්‍යයි..
විශාදය තත්වයට පත් වන්නේ දාරා ගැනිමේ උපරිම සිමාවටත් එහා යමින් මානසික ශක්තිමත් බව පිරිහිගිය විටකදිය…
නමුත් මෙහිදි විශාදයමය තත්වයට පත්වු බොහො අයෙක් දුක්මුසු ස්වරුපයක් බාහිර සමාජයට නොපෙන්වයි..
ඔවුන් සිනහාවෙන් පිරුණු ජිවිතයක් ගත කරයි..
නමුත් ඔවුන්ගේ එම සිනහව පිටුපස ඇති වේදනාත්මක පිඩනය හදුනා ගැනිම අපහසුය..
බොහෝ දෙනෙකු සිතන්නේ බොහෝ සියදිවි නසා ගැනිම් හුදෙක් ප්‍රේමය හී පරාජය මත පදනම්ව සිදුවන බවකි..
නමුත් එය එසේ නොවේ..
තම ජිවිතයේ සිදුවු අහිමිවිම්, ලැබු පරාජයන්, විශ්වාසය බිද වැටිම්, තම ආදරණියන්ගේ වෙනස්විම් යනාදිය හේතුවෙන්ද විශාදයමය තත්වයට පත් විය හැකිය..
පිටතින් ශක්තිමත් යැයි පෙනෙනා පුද්ගලයින් අභ්‍යන්තරයෙන් ඉරිතලා ගොස් ඇතිබව වටහා ගැනිම ඉතා අපහසුය..
ඔවුන් සිය වේදනාව සගවා ගැනිමට දක්ෂ වෙති.. නිතර සිනහාවෙන් සිය ලැබැදියන් සමග කටයුතු කරයි..
නමුත් සිය ජිවිතයේ අවශ්‍යම මොහොතකදි කිසිවකු තමා සමිපයේ නොමැති බව හැගුණු විටකදි සිය පිඩනය දරාගත නො හැකිව සිය ජිවිතයේන් නික්ම යන්නට ඔවුන් තිරණය කරනු ලබයි..
එබැවින් සවන් දෙන්නෙකු ඔවුන්ගේ ජිවිතය තුළ සිටියා නම් දිවිය අහිමි කරගන්නට ඔවුන් නොසිතනු ඇත..
ආදරය දීම මෙන්ම ආදරය ලැබිමද වාසනාවකි.. එබැවින් ඔබගේ ලැබැදියන්ගේ සිනහව පිටුපස ඇති වේදනාව ඔබට හදුනා ගත හැකි නම් ඔබ සුවිශේෂී පුද්ගලයෙකු වන්නේය..
එබැවින් විශාදය සෑදුණු පුද්ගලයෙකුගේ ජිවිතයට මනෝ උපදේශනය මෙන්ම සවන් දෙන්නෙකු සිටිමද ඉතා වැදගත්.
එබැවින් ඔබ ඔබගේ ආදරණියන් වටහා ගැනිමට උත්සහා කරන්න..