පාපන්දු ලීගයේ අල්-ෂබාබ්ට එරෙහි තරගය ජයග්‍රහණය කිරීමෙන් පසු ප්‍රේක්ෂකයන් කුපිතවන සේ අභිනය පෑමෙන් වරදක් කළ බවට තහවුරු වූ අල් නසාර් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරන ඉදිරි පෙළ ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට තරග තහනමක් සමඟ සවුදි රියාල් 30,000ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 25ක) දඩයක් නියම කර තිබෙනවා.
පෘතුගාල නායක 39 හැවිරිදි රොනාල්ඩෝ කනට අත තබා ක්‍රීඩා ලෝලීන්ට සංඥාවක් කිරීම වරදක් බව සවුදි අරාබි පාපන්දු සම්මේලනය කළ පරීක්ෂණයකදී තහවුරුවී තිබේ.
සවුදි අරාබි පාපන්දු සම්මේලන විනය හා ආචාර ධර්ම කමිටුව පැවසුවේ මේ තීරණයට එරෙහිව රොනාල්ඩෝට අභියාචනා කළ නොහැකි බවයි.
රොනාල්ඩෝ 2022 දෙසැම්බර් මාසයේදී මැන්චෙස්ටර් යුනයිටඩ් පිලෙන් ඉවත්වී අල් නසාර් ක්‍රීඩා සමාජයට එක්වූයේ ඉතිහාසයේ විශාලතම පාපන්දු වැටුප සඳහාය.
ඔහු මේ වාරයේ ලීග් තරග 22කදී ගෝල 20ක් රැස් කර ඇත.