සම්බන්ධයෙන් නිරන්තරයෙන් කතාබහට ලක්වෙන්නේ ඉන්දියාවයි.
මේ පුවතත් ඇසෙන්නේ ඉන්දියාවෙන් .
ස්වාමිපුරුෂයා සමඟ පාපැදි සංචාරයක යෙදී සිටි ස්පාඤ්ඤ කාන්තාවක් ඉන්දියාවේ ජාර්කන්ඩ්හිදී සමූහ දූෂණයට ලක්ව තිබෙනවා.
එරට පොලීසිය පවසන්නේ ඇය සැමියා සමඟ බයිසිකලයකින් ජාර්කාන්ද් ප්රාන්තයේ දුම්කා ප්රදේශයේ සංචාරයක නිරත වී අතර පසුව තාවකාලික කූඩරමක රාත්රිය ගත කරද්දි මෙම සිද්ධියට මුහුණ පා ඇති බවටයි.
සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවට පොලිසිය පවසා තිබෙනවා.
මේ සම්බන්ධව ඉන්දීය පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.