කියන්න යන කතාව එකවතාවකට නම් ඔබට විශ්වාස කරන්නත් බැරි වේවි..
ඒත් ඉතින් අවසානයේ ඒ කතාව ඇත්තක් වෙලා..
මියගිය සැමියාගේ සිරුර දින තුනක් සිය නිවසේ තබා ගෙන සිටි කාන්තාවක් දොරවල් කඩා ඉවතට ගැනීමට පානදුර පොලිසිය සමත් වී තිබෙනවා…
මෙම කාන්තාව සැමියාගේ මළසිරුර නිවසේ තබා ගෙන සුරතලයට ඇති කරන සුනඛයා ද සමඟ නිවසේ දොරගුලු ලා ගෙන සිට ඇති බවයි සඳහන් වන්නේ..
මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 52ක් වන එම ප්රදේශයේ පදිංචි පුද්ගලයෙක්..
අප වාර්තාකරු පැවසුවේ පානදුර ඇටඹගොඩවත්ත ජනජය නිවාස සංකීර්ණයේ නිවසකින් අධික දුගඳක් හමන බවට ලද තොරතුරකට අනුව පොලිසිය සිදු කළ සොයා බැලීමකදී අදාළ කාන්තාව හා මළසිරුර සොයාගත් බවයි..
කෙසේ වෙතත් මියගොස් ඇති පුද්ගලයාගේ බිරිඳ කිසියම් මානසික රෝග තත්ත්වයකින් පෙලෙන බවට සැක පලකරන බවයි පොලිසිය සඳහන් කළේ..