හැමෝම මේ තාක්ෂණයට ගොඩක් ආස කරනවා.. ඒ නිසාම තමයි හැමදාම මේ සමාගම තමන්ගේ පාරිභෝගොකයින් වෙනුවෙන් මේ වගේ අලුත් අලුත් දේවල් ගෙන එන්නේ..
Apple iPhone මාදිලියේ iPhone Operating Systemහි නවතම සංස්කරණය වන iOS 18 එළි දැක්වීමට නියමිතව තිබෙනවා.
එය ජුනි මාසයේදී පැවැත්වෙන WWDC 2024 Event එක හරහා එළි දැක්වීමට නියමිතයි.
iPhone රසිකයින් විසින් බලාපොරොත්තු වි සිටින පරිදිම මේ iOS 18හි Public beta සංස්කරණය ජුලි මාසයේදී පමණ නිකුත් වෙනු ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
ඒ අනුව මෙවර නිකුත් වීමට නියමිත iOS 18හි Official Release එක සැප්තැම්බර් තුන්වන හෝ හතරවන සතියේ පමණ සිදු වනු ඇතැයි අපේක්ෂා කරනවා..
මේ සංස්කරණයත් සමඟ iPhones සඳහා AI improvements, New Messages features, Siri updates සහ RCS support ආදි තවත් නව විශේෂාංගයන් රැසක් ලැබෙනු ඇති බවයි සඳහන් වන්නේ..
ඒ අනුව iPhone XR, iPhone XS සහ iPhone XS Max සඳහා මෙම සංස්කරණයේ හිමි නොවනු ඇති බවටද තොරතුරු වාර්තා වෙනවා..
කෙස් වෙතත් iPhone XR සඳහා මේ iOS 18 සංස්කරණයේ සහාය හිමි විමට ඉඩකඩ ඇති බවද සඳහන්..
එමෙන්ම iOS 18 සංස්කරණයේ සහාය හිමි වීමට නියමිත iPhones ලැයිස්තුව පහතින්,
iPhone SE 2nd Gen
iPhone SE 3rd Gen
iPhone 11 Series
iPhone 12 Series
iPhone 13 Series
iPhone 14 Series
iPhone 15 Series
iPhone 16 Series