කටුනායක ගුවන්තොටුපල සේවකයන් අද අලුයම 4.30 සිට ආරම්භ කළ වෘත්තිය ක්රියාමාර්ගය පැය දෙකහමාරකට පසු අත්හිටුවා තිබෙනවා.
ඒ, සාකච්ඡාවක් සඳහා බලධාරීන්ගෙන් ලද කැඳවීමකට අනුවයි.
ශ්රී ලංකන් ගුවන් සේවයේ පවතින අකාර්යක්ෂමතාවන්ට කඩිනම් විසදුම් ඉල්ලා මෙලෙස ගුවන් තොටුපල සේවකයන් අද අලුයම සිට වර්ජනයක් ආරම්භ කළා.
වර්ජනය අත්හිටවුවද එය ක්රියාත්මක වූ පැය කිහිපය තුළ ගුවන් යානා හතරක පමණ ප්රමාදයක් සිදුවූ බවයි ගුවන් තොටුපල ආරංචි මාර්ග සඳහන් කළේ.