කියන්න යන්නේ ඔබ කවුරුත් විශ්වාස නොකරන කතාවක්..
කාලයෙන් කාලයට මේ වගේ කතා අහන්න ලැබුණත්, මේවා ගැන විශ්වාස නොකරන පිරිසක් වගේම විශ්වාස කරන පිරිසකුත් ඉන්නවා කියන එක මේ කතාවෙන් පැහැදිලි වෙනවා..
මේ කියන්න යන්නේ නිධන් හාරපු තවත් කතාවක් ගැන.. මැදවච්චියේ පුරා විද්‍යා භූමියක් ආසන්නයේ පැවති නිවසක පියෙකු සහ පුතෙකු එක්ව රාත්‍රී කාලයේ දී නිධන් සොයා තිබෙනවා…
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් පොලිසියට ලද තොරතුරක් මත මේ පිළිබඳව විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.. තාත්තලා පුතාලා සර්ය්වටම මේ වැඩේ කරගෙන යනකොට ඔත්තු බලන්න මව, දියණිය වගේම මවගේ සොහොයුරියත් එතන ඉඳලාලු..
කොහොම වුණත් අනපේක්ෂිත විදිහට මෙතනට කඩාපැන්න පොලීසිය නිසා ඔවුන් එකපාරටම බය වෙලා.. ඒ නිසා ඔවුන් රඟපෑමක් කරන්න හිතලා..
පොලිසිය පැමිණෙන විට දී යක්ෂයින් බව පවසා බොතල් කටුවලින් අත කපා නිලධාරින් බිය ගන්වනයි එයාලා සැලසුම් කරලා තිබුණේ.. කොහොමහරි ඒ වැඩේට නම් පොලිසියත් ටික වෙලාවකට රැවටිලා.. ඒත් එයාලා හිතපු තරම් සාර්ථක වෙලා නෑ..
ඒ නිසා අවසානයේ පොලිසිය පැවසුවේ පියා සහ පුතා අත්අඩංගුවට ගෙන ඇති අතර, කාන්තාවන් තිදෙනා රෝහල්ගත කර ඇති බවයි..