දවසකට අපි කී දෙනෙක් නම් මහමග සැරිසරනවාද..?
නොහික්මුණු රියදුරන් නිසා අහිමි වෙන ජීවිතවල පාඩුව කොහොම නම් ගෙවන්නද..?
මේ කියන්න යන්නේ අද උදෑසනින්ම වාර්තා වුණ හදවත කම්පා කරන එවැනි පුවතක්.. මේ සිද්ධිය වාර්තා වෙන්නේ පැල්මඩුල්ලෙන්..
පැල්මඩුල්ල, නෝනගම මාර්ගයේ දී ධාවනය වූ කැබ් රථයක් පදික කාන්තාවක් දෙදෙනෙක් ගැටී, නවතා තිබු ටිපර් රථයක ද ගැටි අනතුරක් සිදුව තිබෙනවා…
මෙම අනතුරින් බරපතළ තුවාල ලැබු පදික කාන්තාවන් දෙදෙනා කහවත්ත රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් කාන්තාවක් ජිවිතක්ෂයට පත් වී ඇති බවයි සඳහන් වන්නේ..
මියගිය කාන්තාව වයස අවුරුදු 48ක වඩුගෙදර, අම්බලන්වත්ත ප්රදේශයේ පදිංචිකාරියක්..
පොලිසිය සඳහන් කළේ තුවාල ලැබු අනෙක් කාන්තාව නේවාසිකව ප්රථිකාර ලබන බවත්, අදාළ කැබ් රථ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති බවයි..