පවුලේ සහෝදරයින් දෙදෙනෙකු වාසය කරන නිවසකට ඇතුළු වූ මීයෙකු සම්බන්ධයෙන් දෙදෙනා අතර වූ බහින් බස්වීමක් දුරදිග ගොස් සිදුවූ සිද්ධියකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ මෙම පුද්ගලයා ක්ලාන්ත වී ඇද වැටි ඇති අතර ප්‍රතිකාර සඳහා තලංගම දිසා රෝහලට ඇතුළත් කිරීමට යාමේදී මියගොස් ඇති බවයි.
මෙසේ මියගොස් ඇත්තේ බත්තරමුල්ල තලංගම දකුණ පදිංචි 59 හැවිරිදි විශ්‍රාමික ගණකාධිකාරීවරයෙකුයි.
මෙම පුද්ගලයා විවාහ වී දරුවන් දෙදෙනෙකුගේ පියෙකු වන අතර වැඩිමහල් සහෝදරයා අවිවාහකව එකම නිවසේ වාසය කරන අතර අද (19) දා උදෑසන දියණියන් දෙදෙනා සහ බිරිද පෞද්ගලික අවශ්‍යතාවයක් සඳහා නිවසින් බැහැරට ගිය අවස්ථාවේදී නිවසේ රැඳී සිට ඇත්තේ මෙම සහෝදරයන් දෙදෙනා පමණක් බවයි පොලිසිය සඳහන් කළේ.