මෙහෙම වුණේ කොහොමද..? හැමෝම මේ කතා වෙන්නේ ඒ ගැන.. මෙය තවමත් අබිරහසක්.. මෙන්න ඒ කතාව..
මේ බිළිඳියකගේ මළසිරුරක් සොයාගන්නේ ගෙවත්තක ළිඳක තිබියදියි..
රීදීගම ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වෙලගෙදර පොලිස් වසමේ නිවසක තිබී මෙම මළසිරුර සොයා ගත් බවයි වාර්තා වන්නේ..
අදාළ නිවෙස් හිමියා නිවසෙහි ජලය නොමැති වීම හේතුවෙන් වතුර මෝටරය ක්රියාත්මක කිරීමට පෙර ළිඳ පරීක්ෂා කර බලා තිබෙනවා..
එහිදී බෝනික්කෙකු ජලය මත පාවෙනු දැක එය ඉවත්කිරීමට ලීයක් ගෙන එහා මෙහා කිරීමේදී එය බෝනික්කෙකු නොවන බවට එම නිවෙස් හිමියා හඳුනාගෙන ඇති බවයි සඳහන් වන්නේ..
පසුව ඔහු විසින් එය තවදුරටත් පරීක්ෂා කර ඇති අතර එහිදී හඳුනාගෙන ඇත්තේ එය බිළිඳියකගේ වන මළසිරුරක් බවයි..
මේ සම්බන්ධයෙන් නිවෙස් හිමියා විසින් පොලිසියට පැමිණිලි කර තිබෙනවා..
ඒ අනුව පොලිසිය විසින් එම ස්ථානයට පැමිණ පරීක්ෂා කර ඇති අතර මහෙස්ත්රාත්වරයාගේ නියෝග මත පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා බිළිඳියගේ මළසිරුර කුරුණෑගල ශික්ෂණ රෝහලට යවා ඇති බවයි වාර්තා වන්නේ..