පාර්ලිමේන්තුව නියෝජනය කළ තවත් මහජන නායකයෙක් අද අභාවප්‍රාප්තවී තිබෙනවා..
මෙලෙස අභාවප්‍රාප්ත වී තිබෙන්නේ හිටපු අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරායි..
ඔහු මිය යන විට 83 වන වියේ පසු වුණා
ගාමිණී ජයවික්‍රම පෙරේරා ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂයෙන් බිහි වූ ප්‍රධානපෙලේ දේශපාලනඥයෙක් වෙනවා..
1941 වසරේ දී උපත ලැබූ ඔහු කොළඹ නාලන්දා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා තිබෙනවා..
කුරුණගල දිස්ත්‍රික්කය නියෝජනය කළ ඔහු 2013 වසර දක්වා එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කර ඇති බවයි සඳහන් වන්නේ..
2001 දෙසැම්බර් සිට 2003 නොවැම්බර් දක්වා වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යවරයා ලෙසත්, 2015 ජනවාරි සිට 2015 අගෝස්තු දක්වා – ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා ලෙසත් ඔහු කටයුතු කර තිබෙනවා..
එමෙන්ම 2015 සැප්තැම්බර් සිට 2018 පෙබරවාරි දක්වා තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍යවරයා ලෙසත් හා 2017 අගෝස්තු සිට 2018 ඔක්තෝබර් දක්වා ‘‘බුද්ධ ශාසන’’ අමාත්‍යවරයා ලෙසත් කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ..
ජීවිතක්ෂයට පත්වූ ගාමිණී ජයවික්‍රම පෙරේරාගේ දේහය කුරුණෑගල, කටුගම්පල පිහිටි ඔහුගේ නිවසේ තැම්පත් කිරීමට නියමිතයි..
පවුලේ ඥාතීන් සදහන් කළේ අවසන් කටයුතු පිලිබදව ඉදිරියේදී දැනුම් දෙන බවයි..
![](https://eethalayanews.com/wp-content/uploads/2024/02/wer.jpg)