කාලෙකට කළින් වෙච්ච නෝක්කාඩුවක් හින්දා ඔවුන් හිටියේ ගොඩක් දුකෙන්ලු..
කොහොම වුණත් මීට වසර දෙක තුනකට ඉහතදී තමයි ඔහු පවුලෙන් වෙන් වෙලා ජීවත් වෙන්න ඇවිට් තියෙන්නේ..
ඒ පවුලේ අඩදබර ගොඩක්ම සැරට තිබුණ කාලෙකලු.. කොහොම වුණත් ඔහුගේ ජීවිතයට මේ වගේ අවසානයක් උරුම වේවි කියලා ඔහුවත් කවදාවත් හිතන්නේ නැතුව ඇති..
මේ ඔහු හැමදාම නිවසට යන සුපුරුදු මඟ.. එදා රෑත් විදුලි පන්දමක් අතැතිව ඔහු ගියේ වැඩ නිමවා වෙහෙස වී ගෙදරට ඉක්මනින යන අරමුණ ඇතුවයි.. සවස හොඳටම මත්පැන් පානය කර විදුලි පන්දම ද අතැතිව නිවසට යාමට රාත්රී 9.30ට පමණ දුම්රිය මාර්ගය ආසන්නයෙන් ආරම්භ කරන අඩි පාර ආසන්නයට පැමිණ තිබුණා..
නිවසට යාමට අඩි පාර ආරම්භ කරන දුම්රිය පාරේ වාඩි ගෙන ඇති මොහු මහනුවර බලා ධාවනය වෙමින් තිබුණු තෙල් දුම්රියක් තල්ලු කිරීමට කඩුගන්නාවේ සිට සිට රඹුක්කන බලා ධාවනය වෙමින් තිබුණු දුම්රිය ඇන්ජීමක ඔහුගේ හිස ගැටී දුම්රිය මාර්ගයෙන් පිටතට විසි වී මුනින් අතට වැටී තිබුණා..
මේ අනතුරින් ඔහු ජීවිතයෙන් සමුගත්තා.. රඹුක්කන ප්රදේශයේ පදිංචි 48 හැවිරිදි මෙම පුද්ගලයා ගම් කිහිපයකට එහා ගමක පදිංචිව සිටින කාන්තාවක් සමඟ මීට වසර 23ට පමණ ඉහතදී විවාහ වී කාන්තාවගේ නිවසේ පදිංචියට ගොස් තිබුණා..
මොහුට දාව බිරියට පිරිමි දරුවෙක් හා ගැහැනු දරුවන් දෙදෙනෙක් සිටිනවා.. බිරිය හා දරු තිදෙනා අතහැර දමා තිදරු පියා 2021 වර්ෂයේ යළි උපන් නිෙවසට පැමිණ ඒ ආසන්නයේ තනා තිබුණු නිෙවසක කුලී වැඩ කර උපයා ගන්නා මුදලකින් කා බී තනිවම නිවසේ ජීවත් වෙමින් සිට තිබෙනවා..
කොහොම වුණත් මෙම සිද්ධියෙන් පසු හදිසි මරණ පරීක්ෂණයට පෙනී සිටීමට පැමිණ සිටි බිරියට හදිසි මරණ පරීක්ෂකවරයා පවසා ඇත්තේ අනතුර සිදුව ඇති ආකාරය හා මේසය මත තිබුණු විදුලි පන්දමක් පෙන්වා එය සැමියා අසල දැල්වෙමින් තිබුණු අවස්ථාවේ තමා ඉදිරියේදී පොලිස් භාරයට ගෙන තිබුණු බවයි…
එහිදී තිදරු කාන්තාව පවසා සිටියේ තමන්ට සැමියා බිමත්ව පැමිණ සෑම දිනකම බැණ පහර දෙන බවත් එය දුටු දරුවන් තිදෙනාට ද පියා එපා වූ අවස්ථාවේ දී 2021 වර්ෂයේ යළි සැමියා මහ ගෙදර නිෙවසට පැමිණි බවයි…
තමා දික්කසාද වී නොමැති බවත් දේහය භාර ගැනීමට නොහැකි බවත් පවසා හදිසි මරණ පරීක්ෂකවරයාගේ මේසය මත තබා තිබුණු විදුලි පන්දම ගෙන පුටුවෙන් නැඟිට යාමට සූදානම් වුණා…
එහිදී හදිසි මරණ පරීක්ෂක ඩිල්ෂාන් කන්දේමුල්ල තමා සැමියාගේ දේහය භාර ගැනීම ප්රතික්ෂේප කර විදුලි පන්දම පමණක් රැගෙන යාමට ඇති හේතු පැහැදිලි කරන ලෙස විමසීමක් කළ පසු, එහිදී තිදරු මව පවසා ඇත්තේ දේහය රැගෙන ගොස් අවසන් කටයුතු සිදු කිරීමට ශක්තියක් නොමැති බවයි..