දරුවන් ගොඩක් ආදරයෙන් රැක බලාගන්න ඕන දෙමව්පියනේ..
කොහොම වුණත් පාසල් පරිසරය තුළත් දරුවෙකුට ඒ ආදරය අඩුවක් නැතුව ලැබෙන්නම ඕන..
ඒ වගේමයි නිතර දෙවේලේ දරුවන් ගැන සිහියෙන් ඉන්න එකත් වැඩිහිටියෝ විදිහට අපි කවුරුත් කරන්න ඕන දෙයක්.. මේ කියන්න යන්නේ ඉබ්බාගමුව කලාපයට අයත් ලිහිණිවැහැර ප්‍රාථමික විද්‍යාලය පැත්තෙන් ඇහෙන කතාවක්..
ලිහිණිවැහැර ප්‍රාථමික විද්‍යාලයේ 5 ශ්‍රේණියේ සිසුන් 4 දෙනකු ඊයේ අසිහියෙන් යුතුවප්සාස්කලේ ගසක් යට වැටී සිටියදී හමුවී තිබුණා.. පසුව ඔවුන් හැකි ඉන්මනින් කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබුණා.. කෙසේවෙතත්, රෝහල්ගත කර සිටින එක් සිසුවකුගේ තත්ත්වය බරපතළ බව කුරුණෑගල ශික්ෂණ රෝහල පවන්නේ..
රෝහල්ගත කොට සිටින සිසුන් සිව්දෙනාම ලිහිණිවැහැර අවට පදිංචිකරුවන් වන අතර, මොවුන් කිසියම් හඳුනා නොගත් මත්පෙති වර්ගයක් පානය කිරීමෙන් මෙසේ පාසල තුළ සිහිසුන්ව සිටි බවට සැක කරන බව සිදුවීම පිළිබඳ පරීක්ෂණ මෙහෙයවන මදුරාගොඩ පොලිසිය පවසනවා..
කිසියම් පෙති වර්ගයක් ගස යට වැටී තිබී අහුලාගෙන පානය කළ බවට සිසුන් පැවසුවත් මේවා කිසියම් වැඩිහිටියකු මේ සිසුන්ට දුන්නේද යන්න පිළිබඳ සොයා බලන බව පොලිසිය සඳහන් කළා..