හෙරොයින් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුනරුත්ථාපන නිලධාරියෙකු මොනරාගල නගරයේ දී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මොනරාගල බන්ධනාගාරයේ රාජකාරිය සිදුකරනු ලබන පුනරුත්ථාපන නිලධාරියෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
අදාළ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලීසිය සිදුකළ දැනුම් දීමකට අනුව මොනරාගල බන්ධනාගාර ජේලර්වරයෙකු යොදවා විමර්ශනයක් ද පවත්වා ඇති බව සඳහන්ය.
ඒ අනුව අදාළ පුනරුත්ථාපන නිලධාරියා විනය පරීක්ෂණයට යටත්ව වැඩතහනමකට ලක්කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී දිසානායක මහතා සඳහන් කළේය.