ගසක් කපා බිම හෙළීමට උත්සාහ කිරීමේදී එම ගසටම යටවී දඹුල්ල සිසිරවත්ත ප්රදේශයේ පදිංචිව සිටි විශ්රාමික තැපැල් ස්ථානාධිපතිවරයකු මියගොස් ඇතැයි දඹුල්ල පොලීසිය කියයි.
එසේ මියගොස් ඇත්තේ දඹුල්ල සිසිරවත්ත ප්රදේශයේ පදිංචිව සිටි ඩබ්ලිව්. එම්. ජයසේන නම් හැත්තෑ තුන් හැවිරිදි අයෙකි.
එම අනතුර ඊයේ (04) සිදුවිය.
දඹුල්ල, අතුපාරයාය ප්රදේශයේ ඔහුගේ හිතවතුන්ගේ ගෙවත්තක තිබූ විශාල කොලොන් ගසක් කපා ඉවත්කිරීම සඳහා කිහිපදෙනෙකු එක්වී තිබුණි.
අඩි පනහකට වඩා උසින් යුතු මෙම කොලොන් ගස කිහිපදෙනෙකු කියත් යන්ත්රයක් යොදාගෙන කැපීම සිදුකරද්දී කඳ මැදට ලණුවක් දමා තවත් කිහිපදෙනෙකු ගස පෙරළීම සඳහා උත්සාහ කර ඇතැයි පොලීසිය කියයි.
එම කඳ ඇදීම සඳහා ඇති ලණුව දිග ප්රමාණය මදි වීම නිසා ඇදීම සිදුකළ පිරිස ගස පෙරළෙනවාත් සමඟ ඉන් ඉවතට පැනීමට සාකච්ඡා කරගෙන තිබුණු බව ඥාතීහු කියති.
එහෙත් එම ගස එකවරම ගස බිම පතිත වී ඇති අතර ඊට එම පුද්ගලයා යටවී තිබුණි.
සිද්ධියෙන් පසුව ප්රදේශවාසීන් ගසට යට වී සිටි පුද්ගලයාව ඉන් එළියට ගෙන දඹුල්ල මූලික රෝහලට රැගෙන යන අවස්ථාව වන විටත් ඔහු මියගොස් සිටි බව රෝහල් ප්රකාශකයෙකු සඳහන් කළේය.