අවිස්සාවේලේදී ද්විත්ව ඝාතනයක් සිදුකර ඉන්දියාවට පලා ගිය බව කියන මෝල් කසුන් නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන සාමාජිකයෙකු වන “තලගල සුද්දා” රුපියල් ලක්ෂ 2 කට ආසන්න වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමග දැඩි පරිශ්‍රමයක් දරා අත්අඩංගුවට ගත් බව මොරගහහේන පොලිසිය කියයි.
සැකකරු සමඟ අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 5200 ක් ජාවාරම සඳහා යොදා ගත් ස්මාට් ජංගම දුරකථනයක් සහ තවත් ජංගම දුරකථනයක් පොලිස් පොලිස් භාරයට ගෙන ඇත.
තලගල සුද්දා යතුරු පැදියකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට පානදුර කොට්ඨාස බුද්ධි අංශයේ නිලධාරීන්ට ලද රහසිගත තොරතුරකට අනුව මොරගහෙන්න පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පොලිස් සැරයන් පි ජේ ජේ සම්පත් මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් තලගල සමගි මාවත ප්‍රදේශයේ රැක සිට සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී යතුරුපැදිය අත්හැර සැකකරු පලායාමට උත්සාහ කළ බව පොලිසිය කියයි.