පොලිස් නිල ඇඳුමින් සැරසී අඹ මිලදී ගැනීම සඳහා පැමිණි සහකාර පොලිස් අධිකාරීවරයෙකු අඹ ගෙඩි වලින් සහ මිල දර්ශනයෙන්ද පහර දුන් බව පවසමින් 21 හැවිරිදි ව්යාපාරික කාන්තාවක් හංවැල්ල පොලිසිය වෙත පැමිණිල්ලක් කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි
ප්රහාරයට ලක් වූ මොනරාගල දොඹගහවෙල ඇලේලන්ද පදිංචි ආර් ටි උද්දිකා නමැත්තිය ප්රතිකාර සඳහා සාලාව රෝහල වෙත ඇතුළත්ව ඇත
අවිස්සාවේල්ල කොළඹ මාර්ගයේ වනහගොඩ ප්රදේශයේ පිහිටි පලතුරු වෙළඳ සැලකට අඹ මිලදී ගැනීම සඳහා පැමිණි අවස්ථාවේදී එහි මිල සම්බන්ධයෙන් ඇති වූ කතාබහ දුරදිග යාමෙන් අනතුරුව මෙම පහරදීම කර ඇතැයි පැමිණිල්ලේ සඳහන් වේ.