මත්ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ජංගම දුරකථන ඔස්සේ මුදල් ගෙවීමේ ක්‍රමවේදයන් සිදුකිරීම මැඩලීමට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත විශේෂ වැටලීමක් සිදුකර තිබේ.
දිවයින පුරා පොලිස් ස්ථාන ආවරණය වන පරිදි මෙම විශේෂ මෙහෙයුම ඊයේ (31) සවස 4 සිට රාත්‍රී 8 දක්වා සිදුකර තිබිණි.
එහිදී එවැනි ජංගම දුරකථන ඔස්සේ මුදල් ලබාදෙන මධ්‍යස්ථාන 1,964ක්, අවසරලත් පුද්ගලික සන්නිවේදන මධ්‍යස්ථාන 2,131ක්, Reload and bill payment ජංගම යන්ත්‍ර පිහිටි ස්ථාන 1,074ක් සහ හඳුනාගත් වාණිජ බැංකු ශාඛා සහිත ස්ථාන 1,202ක් ආශ්‍රිතව මෙම මෙහෙයුම සිදුකර තිබේ.
එහිදී පුද්ගලයින් 316 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් අතර මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සැකකරුවන් 20ක් සහ අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 11 දෙනෙකු සිටින බවට හඳුනාගෙන ඇති බවද පොලිස් මුලස්ථානය සඳහන් කෙරේ.
මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ මත්ද්‍රව්‍ය ජාලය පිළිබඳව කරුණු අනාවරණය කර ගැනීම මෙන්ම ඔවුන් විසින් නීතිවිරෝධීව උපයා ගෙන ඇති වත්කම් පිළිබඳව විමර්ශන ආරම්භ කිරීමට කටයතු කරන බව පොලිස් මුලස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.