දැදිගම ජයලත් කන්ද ප්රදේශයේ වල්ඌරන් දඩයමේ ගිය පිය පුතු දෙපල අතරින් පියා වෙඩිවැදී ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලීසිය පැවසුවේ, අත්වැරදීමකින් පුතා එල්ල කළ වෙඩි පහරින් පියා එලෙස මියගොස් ඇති බවය.
අප වාර්තාකරු පැවසුවේ, ඊයේ (28) රාත්රියේ දඩයමේ ගොස් සිටිය දී මෙම ඛේදනීය සිදුවීම සිදුව ඇති බවය.
පුතා එල්ල කළ වෙඩිල්ලෙන් පියාගේ හිසට බරපතළ තුවාල සිදුව ඇති අතර, පියා එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත්ව ඇත.
එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, 47 හැවිරිදි ඩබ්ලිව් .සම්පත් නම් අයෙක් වන අතර වෙඩිතැබීම සිදුකර කර ඇත්තේ 17 හැවිරිදි ඔහුගේ පුත්රයා විසිනි.
වල්ඌරන් කොටුකර ගැනීමට පියා සහ පුතා දෙපැත්තකින් ගොස් ඇති අතර, අනතුරුව පියා විදුලි පන්දම බිමට හරවා ලඳු කැලෑව අතරින් ගමන් කරමින් සිටිය දී පුතා ගිනිඅවිය ක්රියාත්මක කර තිබේ.
පසුව තමා අතින් සිදුවු වැරැද්දෙන් පියා මියගොස් ඇතැයි දැනගත් පුතා ඥාතියෙක් සමග පොලීසියට පැමිණ භාරවී ඇති බව වාර්තා වේ.