මන්නාරම දූපත් වෙරල ප්‍රදේශයේ සුලං විදුලි බලාගාර ඇතුලු විවිධ සංවර්ධන ව්‍යාපෘතීන් වෙනුවෙන් විදෙස් නියෝජිතයින්ට ලබා දීම මගින් මන්නාරමේ සියලුම දූපත් විනාශ වීමේ දැඩි අවධානමක් පවතින බව පවසමින් ඊයේ විරෝධතාවක් සංවිධානය කොට තිබුණා.
මන්නාරම් දිස්ත්‍රීක් පුරවැසි කමිටුව මගින් මන්නාරම් දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය අසල මෙම විරෝධතාව සංවිධානය කොට තිබූ අතර මේ සඳහා දේශපාලන නියෝජිතයින් මෙන්ම සාමාන්‍ය වැසියන්ද විශාල පිරිසක් සහභාගී වී සිටියා.
විරෝධතාවයේ නිරත වූවන් ඒහිදී පෙන්වා දුන්නේ සුලං විදුලි බලාගාර වෙනුවෙන් ඉදිකෙරෙන සුලං කුලුණු සඳහා මේ වන විටත් දූපත්හි විශාල ගැඹුරකට වලවල් කපා ඇති අතර මුහුදු මට්ටමේ සිට පහලින් පිහිටා ඇති මෙම දූපත් ඉදිරියේදී සම්පූරණයෙන්ම ශ්‍රී ලංකා සිතියමෙන් පවා මැකී යා හැකි බවටයි.
ඒමෙන්ම විවිධ සංවර්ධන ව්‍යාපෘතීන් හේතුවෙන් මන්නාරම් දූපත් භූමිය රජයට පවරාගෙන විවිධ විදේශික නියෝජිතයින්ට ලබාදීම වහාම නවතා දමන ලෙසටද මෙහිදී විරෝධතා කරුවන් ඉල්ලා සිටියා.
මේ අතර නාවික හමුදාව, පොලීසිය හා යුද හමුදාව සිටියද මන්නාරම් මුහුදු ආශ්‍රිතව සිදුකෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම් මෙතෙක් පාලනය කිරීමට නොහැකි වී ඇති අතර ඉන්දියාව ඇතුලු විවිධ රටවලින් සිදුකෙරෙන මහපරිමාන මත්ද්‍රව්‍ය ජාවාරම් වැලක්වීමට නොහැකි වීම මගින් මන්නාරම් ජනතාවගේ ජීවන තත්වයට දැඩි බලපෑමක් ඒල්ල වී ඇති බවටද මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නා.
විරෝධතා කරුවන් විසින් ඔවුන්ගේ ඉල්ලීම් ඇතුලත් සන්දේශයන් මන්නාරම් දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයට භාරදීමටද මෙහිදී පියවර ගන්නා ලදි.