කහතුඩුව දියගම සමූපකාර මල් ශාලාවට කඩාවැදුණු පස්දෙනෙකුගෙන් යුත් කල්ලියක් එහි සේවකයෙකුට තියුණු ආයුධයකින් පහරදී තිබේ.
කහතුඩුව පොලීසිය සඳහන් කළේ ප්‍රහාරයෙන් පසු සැකකරුවන් පළාගොස් ඇති බවය.
සිද්ධියෙන් තුවාල ලබා ඇති 24 හැවිරිදි සේවකයාව ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුලත් කෙරුණි.
සේවකයා මළසිරුරක් තැන්පත් කිරීම සඳහා පෙට්ටියක අභ්‍යන්තරය සකස් කරමින් සිටියදී එම ස්ථානයට කඩාවැදී ඇති සැකකරුවන් තියුණු ආයුධයකින් සේවකයාගේ පපුවට, බඩට හා ඇස ආසන්නයට කැපුම් තුවාල සිදුකර තිබේ.