කල්පිටිය ඉප්පන්තිව් මුහුදු ප්රදේශයේ ඊයේ (2024 ජනවාරි මස 25 ) සිදුකල සෝදිසි මෙහෙයුමකදී, අනුමත නෛතික සීමාව නොමැති හක් බෙල්ලන් 1856ක පමණ තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
සැකකරුවන් තිදෙනා සමඟ ඩිංගි යාත්රාවක්ද හමුදා භාරයට ගෙන තිබෙනවා.
සැකකරුවන් අවුරුදු 12 ත් 48 ත් අතර වයසේ පසුවන කල්පිටිය ප්රදේශයේ පදිංචිකරුවන් වේ.
සැකකරුවන් තිදෙනා , හක් බෙල්ලන් තොගය සහ ඩිංගි යාත්රාව ඉදිරි නීතීමය කටයුතු සඳහා පුත්තලම, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරුණා.