කටුනායක අධිවේගී මාර්ගයේ අද (25) අළුයම 02.00ට පමණ සිදුවූ රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ගමන් ගත් ජීප් රථය එම දෙසටම ධාවනය වූ කන්ටේනර් රථයක ගැටීමෙන් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එමෙන්ම මෙම අනතුරෙන් ඔහුගේ ආරක්ෂක නිලධාරියා වන පොලිස් කොස්තාපල් 72542 ජයකොඩි යන නිලධාරියාද ජීවිතක්ෂයට පත් වී තිබේ.
පොලිසිය සඳහන් කළේ, කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයේ ආර් 11.01 කිලෝමීටර් කණුව අසලදී මෙලෙස ලක්වූ ජීප් රථය අනතුරුව මාර්ගයේ ආරක්ෂක වැටෙහි ද ගැටී ඇති බවයි .
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින්,පුත්තලම දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පිවිසි සනත් නිශාන්ත මහතා මිය යන විට වයස අවුරුදු 49ක් වනවා.
1975 වර්ෂයේ මැයි මස 03 වන දින උපත ලැබූ සනත් නිශාන්ත මහතා මිය යන විට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ජල සම්පාදන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළා.