Facebook, youtube, google ඇතුළු සමාගම් කිහිපයක් රජයට අනතුරු අඟවා තිබෙනවා.
ඒ, ශ්‍රී ලංකාවේ පරිගණක ආයතනය සහ විදුලි සංදේශන නියාමන කොමිසම සමඟ Facebook, youtube, google ඇතුළු සමාගම් කිහිපයක් දැනට පවත්වාගෙන යන සම්බන්ධතා බිඳ වට්ටන බව පවසමින්.
වාර්තා වන පරිදි දැනටමත් විදුලි සංදේශන නියාමන කොමිසමේ ෆේස්බුක් සබඳතාව ක්‍රියා විරහත වී ඇත.
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ online ආරක්ෂක පනත සම්මත වීමෙන් පසු මෙම නිල සම්බන්ධතාවල අවශ්‍යතාවක් නැතැයි එම සමාගම් රජයට දැනුම් දී ඇති අතර මෙම සමාගම් ආණ්ඩුවේ අදාල පනතට සිය විරෝධය දෙවරක්ම ප්‍රකාශ කර තිබුණා.