දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිටවුම ආසන්නයේදී අපේ ජනබල පක්ෂයේ සභාපතිවරයා ඇතුළු 5 දෙනෙකු ඝාතනය සඳහා පැමිණි බවට සැකකරන පැජරෝ වර්ගයේ ජීප් රථය ගාල්ල ප්‍රදේශයේ පිරිවෙනක රථ ගාලක තිබී සොයා ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, ඊට අමතරව ඝාතනය සිදු කිරීමෙන් පසු අදාළ රථය ගමන් ගත් මාර්ග කිහිපයක්ද මේ වනවිට පොලිසිය විසින්හ ඳුනාගෙන ඇති බවයි.
මේ අතර ඝාතනය සම්බන්ධයෙන් සැකපිට මේ වනවිට පුද්ගලයෙකු පොලිස් භාරයට ගෙන ප්‍රශ්න කිරීම් ආරම්භ කර ඇති බවද පොලිසිය ප්‍රකාශ කලා.
අපේ ජනබල පක්ෂයේ සභාපති සමන් පෙරේරා මහතා ඇතුළු 5 දෙනෙකු, තංගල්ල අධිකරණයේ විභාග වෙමින් පවතින නඩවුකට පෙනී සිටීම සඳහා යමින් සිටියදී වෙඩි ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත්වුයේ පසුගිය සඳුදා පෙරවරුවේදීයි.
වෙඩි තැබීම සඳහා අපරාධකරුවන් පැමිණි බවට හඳුනාගත් පැජරෝ වර්ගයේ ජීප් රථය ගාල්ල විද්‍යාෙලා්ක පිරිවෙන් රථ ගාලේ තිබී අද පෙරවරුවේ සොයා ගෙන තිබෙනවා.
මේ අතර ඝාතනය සඳහා පැමිණි ජීප් රථය වෙඩි තැබීමෙන් පසු ගමන් ගත් මාර්ග ද මේ වනවිට හඳුනාගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.
ඝාතකයින් රැගත් ජීප් රථය බෙලිඅත්ත හක්මන හරහා කඹුරුපිටිය මෙන්ම අකුරැස්ස හරහාද ගමන් කර ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම ඔවුන් අකුරැස්ස බංගම ප්‍රදේශයේ මෙන්ම යක්කලමුල්ල ප්රදේශවලද සැරිසරා ඇති බවටද තොරතුරු ලැබී තිබෙනවා.
මේ අතර වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් අපේ ජනබල පක්ෂයේ සභාපති සමන් පෙරේරා මහතාගේ දේහය කුරුණෑගල පිහිටි ඔහුගේ නිවසට රැගෙන එනු
ලැබුවා.