චීවරධාරියෙකු ලෙස පෙනී සිටිමින් දරුවන් කෘෘරත්වයට පත්කළ පුද්ගලයෙකු බම්බලපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සිවුරු පොරවාගත් පුද්ගලයෙකු, කාන්තාවක්, දරුවෙක් හා දැරියක් ගෙයින් ගෙට ගොස් සිඟමන් යදින බවට බම්බලපිටියේ ශාන්ති විහාරයේ වැඩවසන හිමිනමක් විසින් පොලීසියට පැමිණිලි කර ඇත.
ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයෙන් අනතුරුව අවුරුදු 38ක් වූ ගලහේනකන්ද, බලංගොඩ ප්රදේශයේ පදිංචිකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහුව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී භික්ෂු හැඳුනුම්පතක් තිබී නොමැති අතර, මොහු නාරම්මල ප්රදේශයේ පිරිවෙනක පෙදරේරුවෙකු ලෙස සේවය කර කෙටි කාලයක් විහාරස්ථානයක පැවිදිව සිට ඇති බවත් පසුව එම විහාරස්ථානය හැර ගිය අයෙකු බවටත් අනාවරණය වී තිබේ.
මෙම පුද්ගලයා සමග සිටි වයස අවුරුදු 13ක පිරිමි දරුවා දහ අවුරුදු 14ක ගැහැනු දරුවා ඔහුගේ බවට අනාවරණය වූ තොරතුරු අනුව අනාවරණය වුවත් එම පුද්ගලයා අන් අයෙකු ලෙස පෙනී සිටිමින් දරුවන්ව කෘෘරත්වයට පත්කිරීමේ වරද මත බම්බලපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.
මොවුන් සමඟ සිටි භික්ෂුණිය හට ලියාපදිංචි භික්ෂු හැඳුනුම්පතක් සන්තකයේ තිබී ඇති අතර දරුවන් ආරක්ෂාව සඳහා පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.