ගම්පහ මල්වතුහිරිපිටිය ප්රදේශයේ විහාරස්ථානයක හිමිනමක් වෙඩිතබා ඝාතනය කර තිබේ.
ටී 56 ගිනි අවියක් යොදාගනිමින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි, පොලීසිය පවසන්නේ.
මෝටර් රථයකින් පැමිණි නාදුනන පුද්ගලයන් 4 දෙනකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇතිබවයි පොලීසිය සදහන් කරන්නේ.
වෙඩි වැදුණු හිමිනම ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අපවත් වී ඇති බවයි වාර්තා වන්නේ.
මෙම වෙඩි තැබීම මෙය කුමන හේතුවක් මත සිදුවූයේද යන්න තවමත් හෙළි වී නොමැති අතර පොලිසිය මේවන විට පරීක්ෂණ පවත්වමින් සිටියි.