කොළඹ සිට අනුරාධපුරය දක්වා ගමන් කළ දුරගමන් බස් රථයක තිබී හෙරොයින් අඩංගු මත්කුඩු පාර්සලයක් හමුවීම සම්බන්ධයෙන් එහි රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මහව – ඇල්ල මාර්ග බාධකයේ දී මහව පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ (18) සිදුකළ හදිසි පරීක්ෂාවක දී මෙම මත්කුඩු පාර්සලය සොයාගත් අතර, එහි බර ග්‍රෑම් 143ක් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.
සැකකරු 43 හැවිරිදි රාජාංගණය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.