කොළඹ නගර සීමාව තුළ සවිකර ඇති සීසීට්වී කැමරා පද්ධති මගින් රථවාහන වැරදි හඳුනාගෙන රියදුරන්ට දඩ කොළ නිකුත් කිරීමේ ක්රමවේදය විසි දෙවැනි දා සිට ක්රියාත්මක වන බව වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය.
රථවාහන පොලිස් නිලධාරියෙකු නිරීක්ෂණය කර රථවාහන වැරදි සොයාගන්නවට වඩා 300 ගුණයකින් මෙම ක්රමවේදය කාර්යක්ෂම බව වැඩ බලන පොලිස්පති වරයා පැවසීය.
පළාතක සිට කොළඹට පැමිණි අයෙක් රථ වාහන වරදකට හසුවී නම් පොලිසිය මගින් නිකුත් කරන කොවිතාන්සිය ඔහුගේ නිවසට පැමිණෙන අතර දඩ මුදල ගෙවීමෙන් පසු ළඟම ඇති පොලිසියෙන් රියදුරු බලපත්රය ලබා ගත හැකි බවත් වැඩ බලන පොලිස්පතිවරයා පැවසීය