නුවරඑළිය පොලිස් බල ප්‍රදේශයට ඇතුළු වන සියලුම වාහන පරීක්ෂා කිරීම මේ දිනවල අඛණ්ඩ ව සිදු කෙරෙන බව නුවරඑළිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතා පවසයි .
ඒ, පාසල් වාර නිවාඩුව මුල් කර ගනිමින් දස දෙසින් නුවරඑළියට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ ප්‍රමාණය ඉහළ යෑමත් සමඟ මත්ද්‍රව්‍ය සංචරණය වීමේ ප්‍රවණතාව අවම කිරීම වෙනුවෙන් එම වැඩසටහන ක්‍රියාත්ම බව පොලීසිය පැවසීය.
දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරන මත්ද්‍රව්‍ය මැඩලීමේ ‘යුක්තිය’ මෙහෙයුම ක්‍රියාන්විතයට සමගාමීව මෙම වැඩසටහන නුවරඑළිය දිශාව භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ හක්මන මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක ය.
ඒ අනුව මේ දිනවල දිවා හා රාත්‍රියේ දී නුවරඑළිය පොලීසිය හා තුන් වැනි සිංහ රෙජිමේන්තුවේ නිලධාරීන් එක් ව නුවරඑළිය නගර සීමාවට ඇතුළු වන සියලුම වාහන දැඩි පරීක්ෂාවට ලක් කරන අයුරු දක්නට ලැබුණු බව අප වාර්තාකරු පැවසීය.