පාදුක්ක තුන්නාන ප්රදේශයේ වෙන්දේසි ඉඩමක දී ඉකුත් නත්තල් දින අලුයම පුද්ගලයන් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරුට යතුරු පැදිය ලබා දුන් බව කියන පුද්ගලයකු අදාල යතුරු පැදිය ද සමගින් සැකපිට අත් අඩංගුවට ගත් බව බස්නාහිර දකුණ අපරාධ විමර්ශන ඒකකයේ උසස් නිළධාරියෙක් පැවසීය.
ලද ආරක්ෂිත කැමරා දර්ශන සහ අනෙකුත් සාක්ෂි මත සිදුකළ විමර්ශණයේදී හම්බන්තොට ප්රදේශයේ නිවසක සැගව සිටියදී සැකකරු අත් අඩංගුවට ගැනීමට හැකි වූ බවද එම උසස් නිළධාරීයා වැඩි දුරටත් පැවසීය.
මෙම වෙඩි තැබීමෙන් හංවැල්ල නිරිපොල ප්රදේශයේ පදිංචිකරුවකු වන කේ.ඩී රොෂාන් ඉන්දික නොහොත් මන්නාරුෂාන් නැමැත්තා සහ ඔහුගේ සහයකයකු බව කියන කළුවක්ගල සුදු වැල්ල පදිංචිකරුවකු වන සුපුන් නිමේෂ් නමැත්තා ද ඝාතනයට ලක් විය.