ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් පරිපූරක සෞඛ්‍ය සේවකයින් අද (09) පෙරවරු 08.00ට රජයේ රෝහල්වල වැඩවර්ජනයක් ආරම්භ කරන බව පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලකායේ සභාපති රවී කුමුදේශ් පවසනවා.
එහිදී වෛද්‍යවරුන්ගේ පමණක් ඇතැම් දීමනා ඉහළ දැමීමට ගත් තීරණයට එරෙහිව සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම වැඩවර්ජනය සිදු කරන බවයි ඔහු සඳහන් කළේ.
වෛද්‍යවරුන් සඳහා වන Disturbance, Availability & Transport (DAT) දීමනාව දෙගුණයකින් වැඩි කිරීමට ජනාධිපතිවරයා විසින් ගෙන ආ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ඊයේ අනුමත කරනු ලැබුවා.
ඒ අනුව (DAT) දීමනාව රුපියල් 35,000 සිට රුපියල් 70,000 දක්වා වැඩි කිරීමටයි එහිදී කැබිනට් අනුමැතිය හිමිවුණේ.