බලපත්ර නොමැතිව රැගෙනයමින් තිබූ විදෙස් රටක නිෂ්පාදිත භූමිය පරීක්ෂාකරන නවීන ස්කෑනර් යන්ත්රයක් සමඟ වෙෙද්යවරයකු අැතුළු තිදෙනකු වවුනියාව නගරයේදී අත්අඩංගුවටගත් බව වවුනියාව පොලිසිය කියයි.
නිධන් වස්තු සහ එල්.ටි.ටි.ඊ සංවිධානය විසින් වළදමා අැති බවට පැවසෙන රත්රං සොයා ඉඩම් පරීක්ෂා කරන පිරිසක් සම්බන්ධයෙන් වවුනියාව පොලිස් විශේෂ කාර්යංශ නිලධාරීන් වෙත ලැබුණ බුද්ධි තොරතුරක් අනුව සිදුකළ වැටලීමකදී නවීන ස්කෑනර් යන්ත්රය, මෝටර් රථයක් සහ වෑන් රථයක් සමඟ සැකකරුවන් අත්අඩංගුවටගත් බව පොලිසිය පැවසීය.
සැකකරුවන් තීරුබදු වංචාකරමින් රහසිගතව මෙම නවීන ස්කෑනර් යන්ත්රය ජර්මනියේ සිට රැගෙනවිත් අැති බවට අනාවරණයවූ බවත් පොලිසිය සඳහන් කළේය.