ගෙවුණු පැය 24 තුළ දී යුක්තිය මෙහෙයුමේදී තවත් සැකකරුවන් 950 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ ඉන් 42 දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන බවයි.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පුද්ගලයින් 28 දෙනෙකු පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමුකර තිබෙනවා.
එමෙන්ම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ විශේෂ කාර්යාංශයේ ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි 68 දෙනෙකු ඊයේ (08) අලුයම සිට අද අලුයම දක්වා සිදුකළ මෙහෙයුමේදී අත්අඩංගුවට ගනු ලැබුවා.
මීට අමතරව මෙම මෙහෙයුමේදී හෙරොයින්, අයිස්, මත්පෙති සහ කේරල ගංජා තොගයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.