මේ දිනවල වෙළදපොලේ එළවළු මිල ගණන් අධික ලෙස ඉහළ යාමේ ප්රතිපලයක් වශයෙන් යාපනය සති පොලේ මුරුංගා කිලෝවක සිල්ලර මිල රුපියල් 3000ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ දිනවල මුරුංගා අස්වැන්න නොලැබෙන කාලයක් වීමත් සෙසු එළවළු වර්ගවල මිල ගණන් ඉතා සීග්රයෙන් ඉහළ යාමත් නිසා මුරුංගා මිලද මේ අන්දමට ඉහල ගොස් ඇති බවයි යාපනයේ එළවළු වෙළෙන්දෝ පවසා සිටින්නේ.
මෙම මිල ගණන්වලට අනුව යාපනයේ එක් මුරුංගා කරලක මිල රුපියල් 1000ක් වශයෙන් පැවතුණා.
යාපනයේ මුරුංගා කිලෝවක තොග මිල රුපියල් 2500ක් වූ අතර යාපනයේ සිට බොහෝ පළාත්වලට ගමන් කළ බස් රථවලද මුරුංගා ගෝනි පටවා තිබෙනු දක්නට ලැබුණා.