(මහින්ද නිශ්ශංක) උතුරු දුම්රිය මාර්ගයේ මහව හා අනුරාධපුර අතර මාර්ගය හෙට (7) සිට වසා තැබෙන බව දුම්රිය දෙපාර්තමෙන්තුව පවසයි. ඉන්දියානු ණය ආධාර යටතේ මහව හා අනුරාධපුර අතර මාර්ගය සංවර්ධනය කිරීම සඳහා මාස හයක කාලයකට මාර්ගය වසන බව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්.ජේ.ඉදිපොලගේ මහතා පැවසීය. ඒ අනුව අනුරාධපුර දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන අවසාන දුම්රිය ලෙස රජරට රැජින හෙට අලුයම 5.00 ට පිටත් වී බෙලිඅත්ත දක්වා ධාවනය කෙරෙන බව ද ඔහු කීහ. උතුරු මාර්ගයේ කොළඹ සිට ධාවනය කෙරෙන අවසාන දුම්රිය රාත්‍රී 8.00 ට පිටත් වී කන්කසන්තුරේ දක්වා ගමන් කරන බව ද නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඉදිපොලගේ මහතා පැවසීය. මේ අතර අනුරාධපුර හා මහව අතර මාර්ගය ගලවා ඉවත් කිරීම හෙට 7 පස්වරුවේදී සිදුකිරීමට නියමිතය.
![](https://eethalayanews.com/wp-content/uploads/2024/01/656.jpg)