උණ රෝගය වැළඳුණු ගාල්ල බන්ධනාගාරයේ තවත් රැඳවියන් දෙදෙනෙකු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ඒ අනුව, මේ වනවිට උණ රෝගය වැළඳුනු ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් සංඛ්‍යාව 07 දෙනෙක්.
මීට පෙර රැඳවියන් පස්දෙනෙකු රෝහල්ගත කර තිබූ අතර, තවත් දෙදෙනෙකු රෝහල් ගත කළේ ඊයේ දිනයේදියි.
මොවුන්ගේ ජෛව සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹ වෛද්‍ය පරීක්ෂණ ආයතනය වෙත යොමුකිරීමට පියවර ගෙන ඇති බවද සඳහන්.
මේ අතර උණ රෝගය හේතුවෙන් මාතර රෝහලට ඇතුළත් කළ මාතර බන්ධනාගාර රැඳවියන් සියලුදෙනා ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බවයි බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී දිසානායක කියා සිටියේ.