එරාවුල් පොලිස් ස්ථානයට අයත් පොලිසි යතුරු පැදියක් පිටස්තර පුද්ගලයකුට ධාවනය කිරීමට අවස්ථාව ලබා දුන් උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගත් බව එරවුල් පොලිසිය පවසයි.
මෙම උප පොලිස් පරීක්ෂකවරයා මෙම යතුරු පැදිය පැදවීමට වෙනත් පුද්ගලයකු වෙත ලබා දී ඇති අතර උප පොලිස් පරීක්ෂකවරයා එම යතුරුපැදියේ පිටුපස ගමන් ගෙන ඇති බව පොලිසිය පවසයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් එරවුල් ස්තානාධිපතිවරයාට ලැබුණු තොරතුරකට අනුව විමර්ශනයක් සිදුකර ඇති අතර අදාළ උප පොලිස් පරීක්ෂකවරයා කැඳවා විමර්ශනය කිරීමේදී ඔහු ස්ථානාධිපතිවරයාට අවනත නොවී බීමතින් කලහකාරී ලෙස හැසිරී ඇතැයි පොලිසිය පවසයි.