පොලිස් නිලධාරීන් ලෙස පෙනීසිටිමින් වැල්ලවත්ත ප්රදේශයේ දුරකථන මාධ්යයස්ථානයකින් මුදල් හා වටිනා ජංගම දුරකථනයක් සොරා ගන්නාලද ශ්රී ලංකා නාවික හමුදාවේ සේවයේ නියුතු නිලධාරීන් හතර දෙනෙකු අද (04) වන දින අලුයම වැල්ලවත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පැවසීය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බද්දේගම පදිංචි වයස අවුරුදු (38) ක්වන නාවික හමුදාවේ සේවයේ නියුතු නිලධාරීයෙක්ද , බොරලැස්ගමුව නීලම්මහර පදිංචි වයස අවුරුදු (38) ක්ද වන නිලධාරීයෙක්ද , ගොඩකවෙල හල්වින්න පදිංචිව සිටින වයස අවුරුදු (38) ක්වන නිලධාරීයෙක්ද , බිබිල පදිංචිව සිටින වයස අවුරුදු (37) ක නිලධාරීයෙක්ද වන බවත් පොලීසිය පැවසීය.
පැමිණිලිකරු විසින් වැල්ලවත්ත ප්රදේශයේ දිවා රාත්රිය ක්රියාත්මක දුරකථන මාධ්යයස්ථානයක් පවත්වාගන යන අතර , ඉකුත් 3 වන දින රාත්රිය නාදුනන පුද්ගලයන් හතර දෙනෙකු පැමිණ පොලිස් නිලධාරී හැදුනුම්.පතක් පෙන්වා ආයතනය පරීක්ෂාවට ලක්කල යුතු බවට පවසා සේවකයින් ලවා දොරවල් විවෘත කරවාගන ආයතනයට ඇතූලුවී එක්වරම සේවකයනට උල්පිහි පෙන්වා මරණීර තර්ජන එල්ල කර ගමන් මල්ලක තිබූ රුපියල් 670,000/= මුදලක්ද සේවකයෙකුගේ වටීනා ජංගම දුරකථනයක්ද කොල්ලකා පලා ගොස් ඇත