වැලිගම ප්රදේශයේ වැටලීමක් අතරතුර වෙඩි වැදී මිය ගිය පොලිස් පොලිස් සැරයන්වරයා උප පොලිස් පරීක්ෂකවරයා වශයෙන් උසස් කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
මෙලෙස උසස් කර ඇත්තේ කොළඹ අපරාධ කොට්ඨාශයට අනුයුක්තව රාජකාරී කරමින් සිටි උපුල් චමින්ද කුමාර නමැති සැරියන්වරයාය
ඉකුත් (31) වැලිගම ප්රදේශයේ වැටලීමකට ගොස් සිට ඇති අතරතුර මෙම සැරයන්වරයා වෙඩි ප්රහාරයට ලක්ව බරපතල තුවාල ලබා මියගොස් තිබුණි
එම සැරියන්වරයා රාජකාරියේ යෙදී සිටියදී වෙඩි වැදී මිය යාම සැලකිල්ලට ගෙන රාජ්ය පරිපාලන චක්රලේඛයේ පශ්චාත් උසස්වීම් පදනම් කරගෙන. වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් දෙසැම්බර් මස 31 දින සිට බලපැවැත්වෙන පරිදි ඔහු ට උසස් වීම් ප්රධානය කර ඇත.