ගත වූ දින පැය 30 කාලය තුළ සිදුකරන ලද විශේෂ මෙහෙයුමේ දී පහත මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ හෙරොයින් 440g,අයිස් 260g,ගංජා 15kg 300 g,ගංජා පැළ 3,948ක්,මාවා 01kg 300g ,මත්පෙති 417ක් ලෙසයි සඳහන් වන්නේ.
මෙහෙයුමේදී මුළු සැකකරුවන් 1229 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් සැකකරුවන් 86ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකර තිබෙනවා.
එසේම, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවු පුද්ගලයින් 40 දෙනෙකු පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බව සඳහන්.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 100 දෙනෙකු මෙදින මෙහෙයුමේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.