දෙමළ දේශපාලන පක්ෂවල එකගතාවයකින් යුතුව ආරාධනයක් කරන්නේ නම් තමන් මීළග ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු වශයෙන් තරග කරන බව දෙමළ ජනතා සන්ධානයේ නායක සී.වී.විග්නේස්වරන් මන්ත්‍රීවරයා පවසනවා.
සිය අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ද්‍රවිඩ දේශපාලන පක්ෂ තනි තනිවම ජනාධිපතිවරණ අපේක්ෂකයින් ඉදිරිපත් කිරීමකට වඩා පොදු ද්‍රවිඩ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම වඩා කාලෝචිත බවයි.
එවැනි පොදු ද්‍රවිඩ අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන්නේ නම් ඒ සදහා තමන් ඊට එකම සුදුස්සා බව විග්නේස්වරන් මන්ත්‍රීවරයා මෙහිදී පවසා සිටියා.
මීළග ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් වීමට තමන් තුළ මේ දක්වා විශාල කැමැත්තක් නොතිබූ නමුත් රනිල් වික්‍රමසිංහට ජනාධිපතිවරණයෙන් ජය ගැනිමට ඇති ඉඩකඩ අඩු නිසා තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමෙන් වඩා වැඩි වාසියක් ලබා ගත හැකි බවයි මන්ත්‍රීවරයා එහිදී පවසා සිටියේ.
දකුණේ ප්‍රධාන දේශපාලන පක්ෂ හතරක සාමාජිකයින් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට ඇති හැකියාව වැඩි නිසා එය එසේ වුවහොත් දකුණේ ඡන්දවලින් සියයට පනහක් ලබා ගැනීමට කවරෙකුටවත් හැකියාවක් නොලැබෙන නිසා රනිල් වික්‍රමසිංහට ජනාධිපතිවරණයෙන් ජය ලැබීමට ඇති සම්භාවිතාව අඩු බව තමන් ප්‍රකාශකරන බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියේ.